Homeදේශීයජනපති විවෘත කළ කාගම හිමිගේ ධාතු මන්දිරය සොරු බිඳලා

ජනපති විවෘත කළ කාගම හිමිගේ ධාතු මන්දිරය සොරු බිඳලා

විචිත්‍ර ධර්ම කථීක කාගම සිරිනන්ද හිමියන්ගේ මූලිකත්වයෙන් ඉදිකළ ගල්කිරියාගම, පහමිණියාගම සමාධි මහා විහාරස්ථානයේ අහිනව ධාතු මන්දිරය බිඳ තැන්පත් කර තිබූ කරඩුවේ මැණික් ගල් රැසක් සහ මුදල් සොරාගෙන ගොස් තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට ලද පැමිණිල්ලක් මත ගල්කිරියාගම පොලිස් ස්ථානය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන අරඹා තිබෙනවා.

පසුගියදා මෙම අභිනව ධාතු මන්දිරය විවෘත කෙරුණේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙනි.

සොරකම සඳහා පැමිණි කිසියම් පිරිසක් හෝ පුද්ගලයෙක් ධාතු මන්දිරයේ ජනේලයක් බිඳ ඊට ඇතුළු වී ඇති බවයි සිදුකළ විමර්ශනවල දී අනාවරණය වී තිබේ.

සොරුන් විසින් ධාතූන් වහන්සේලා වැඩ සිටි කරඬූන් වහන්සේගේ කොත් කැරැල්ල ඇතුළත් කොටස බිඳ එම සොරකම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

කරඬූන් වහන්සේගේ තැන්පත් කර තිබූ කුඩා ප්‍රමාණයේ මැණීක් ගල් 19ක් හා ධාතු මන්දිරය තුළ වූ පිං පෙට්ටිය ද එම සොරුන් විසින් සොරකම් කරගෙන ගොස් තිබෙනවා.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ගල්කිරියාගම පොලිස් ස්ථානය මඟින් මේ වනවිටත් පුළුල් විමර්ශන හා මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments