Homeදේශීයදේශබන්දු ගැන විමර්ශන කමිටුව අද රැස්වෙයි

දේශබන්දු ගැන විමර්ශන කමිටුව අද රැස්වෙයි

සිය ධූරයේ බලතල බරපතළ ලෙස අනිසි අන්දමින් යොදා ගැනීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පිළිබඳව විමර්ශනය කර වාර්තා කිරීම සඳහා පත්කළ පරීක්ෂණ කමිටුව අද පස්වරු 2.00ට පාර්ලිමේන්තුවේදී රැස්වීමට නියමිතය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේනගේ සභාපතිත්වයෙන් සහ විනිසුරු ඩබ්ලිව්.එම්.එන්.පී. ඉද්දවල සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති ඊ.ඩබ්ලිව්.එම්. ලලිත් ඒකනායකගේ සාමාජිකත්වයෙන් යුත් කමිටුව පසුගිය 28 වැනිදා පාර්ලිමේන්තු සංකිර්ණයේ දී රැස් වු අවස්ථාවේ දී නැවත අද රැස්වීමට තීරණය කෙරිණ.

වැලිගම W-15 සිදුවීමට අදාළ සාක්ෂිකරුවන්ගේ සාක්ෂි දිවුරුම් ප්‍රකාශ මඟින් අද දිනට පෙර ලබා දීමට නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරන අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දිලීප පීරිස් එදින එකඟතාව පළ කළේය.

එමෙන්ම ලබන 16 වැනිදා සිට පරීක්ෂණ කමිටුව අඛණ්ඩව රැස්වීමටද මෙහිදී තීරණය විය. පරීක්ෂණ කමිටුව ලබන 11 වැනිදා පෙරවරු 09.30ට රැස්වීමටත් සාක්ෂිකරුවන් කැඳවීමටත් තීරණය කරනු ලැබිණි.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments