2025 අප්‍රේල් මාසයේදී ජංගම ගිණුමේ අතිරික්තයක් පෙන්නුම් කළ ද මාර්තු මස ඩොලර් මිලියන 459ක් ලෙස වාර්ථා වු ජංගම ගිණුමේ ශේෂය අප්‍රේල් වන විට ඩොලර් මිලියන 178 ක් දක්වා පහත වැටී ඇති බවත් එය ඩොලර් මිලියන 281ක සැලකිය යුතු අන්දමෙන් පහත වැටීමක් බවත් Advocata Plus ආයතනය සඳහන් කරයි.
මෙයට ප්‍රධාන හේතු වන්නේ වෙළද භාණ්ඩ අපනයන වර්ධනයට වඩා (10.4% y-o-y) ආනයන වර්ධනය (17.5% y-o-y) වේගවත් වීම සහ වාහන ආනයන සීමා ලිහිල් කිරීම (ඩොලර් මිලියන 134) බව මහ බැංකුව සඳහන් කර ඇතැයි ඔවුන් අවධාරණය කරයි.
ඒ අතර දළ නිලසංචිත ප්‍රමාණය මාර්තු අවසන් වන විට ඩොලර් බිලියන 6.5 ක පැවතුණ අතර එය අප්‍රේල් මස අවසන් වන විට ඩොලර් බිලියන 6.3 ක් දක්වා සුළු අඩුවීමකට ලක් වී ඇති බවත් එමෙන්ම විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේශන මාර්තු මස ඩොලර් මිලියන 693 නේ සිට අප්‍රේල් මස වන විට ඩොලර් මිලියන 646 ක් දක්වා අඩුවීමක් පෙන්නුම් කරන බවද ඔවුන් පවසයි.
මාර්තු මස වෙළඳ හිඟය ඩොලර් මිලියන 396 සිට අප්‍රේල් මාසයේ හිඟය ඩොලර් මිලියන 717 දක්වා වර්ධනය වී ඇති බවත් දැනට දක්නට ලැබෙන දත්ත අනුව පෙනී යන්නේ අපනයන (මාර්තු ) ඩොලර් මිලියන 1242 සිට ( අප්‍රේල්) ඩොලර් මිලියන 968 කඩා වැටීම නිසා වෙළද හිඟය වැඩි වී ඇති බව යැයි ද Advocata Plus ආයතනය පෙන්වා දෙයි.