Homeදේශීයආසියාවේ 30 න් පහළ විශිෂ්ටයින් 30 අතරට අපේ 3 ක්

ආසියාවේ 30 න් පහළ විශිෂ්ටයින් 30 අතරට අපේ 3 ක්

සුප්‍රකට ෆෝබ්ස් සඟරාව විසින් පළ කළ ආසියාවේ අවුරුදු 30 න් පහළ විශිෂ්ටයින් තිස් දෙනාගේ නම් ලැයිස්තුවට ශ්‍රී ලාංකිකයින් තුන් දෙනෙකු ඇතුළත් වී තිබෙනවා.

එම තිදෙනා වන්නේ වයිල්ඩ් කුක් බුක් යූටියුබ් අවකාශය තුළ ලොව පුරා ජනාදරයට පත්ව සිටින සූපවේදියෙකු වන ‘Wild Cookbook’ යූටියුබ් නාලිකාවේ හිමිකරු චරිත් එන් සිල්වා, ව්‍යාවසායිකාවක වන යානිකා අමරසේකර සහ අලෙවිකරණ හා ප්‍රචාරන ක්ෂේත්‍රයේ කටයුතු කරන නිකින් මාතරආරච්චියි.

චරිත් එන් සිල්වා, ග්‍රාහකයින් මිලියන 10 පසුකළ පළමු ශ්‍රී ලාංකික යූ ටියුබ් නාලිකාවේ හිමිකරුවා බවටද පසුගියද‍ා පත් වුණා.

මේ අතර යානිකා අමරසේකර Retail & Ecommerce අංශයෙන් මෙම ලැයිස්තුවට ඇතුළත් වී ඇත.

ඇය විසින් ආරම්භ කළ Silver Aisle යනු විවාහ උත්සව සඳහා තෑගි වෙන්කිරීමට මෙරට පළමුමෙන්ම ආරම්භ කළ ඩිජිටල් වේදිකාව වේ.

එමෙන්ම නිකින් මාතරආරච්චි මෙම ලැයිස්තුවට ඇතුළත් වී ඇත්තේ සමාජ මාධ්‍ය, අලෙවිකරණ සහ සන්නාම ප්‍රවර්ධනය යන කාණ්ඩයෙන්ය.

වෙළෙඳනාම සහ ව්‍යාපාර සඳහා AI tools නිර්මාණය කරන කොළඹ පිහිටි ප්‍රමුඛ පෙළේ ආයතනයක් වන Synapse AI Labs ආයතනයේ නිර්මාතෘය.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments