Homeදේශීයකෑගල්ලේ නවක මන්ත්‍රීවරයෙකු දිවුරුම් දෙයි.

කෑගල්ලේ නවක මන්ත්‍රීවරයෙකු දිවුරුම් දෙයි.

සමන්ත රණසිංහ මහතා දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් ලෙස කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඉදිරියේ අද දිවුරුම් දුන්නේය.

කථානායකවරයා ඉදිරියේ දිවුරුම්දීමෙන් පසු ඒ මහතා පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ඉදිරියේදී මන්ත්‍රී නාමලේඛනයේ අත්සන් තැබීය.

ජාතික ජන බලවේගය නියෝජනය කරමින් කෑගල්ල දිස්ත්‍රික්කයෙන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ කෝසල නුවන් ජයවීරගේ මහතාගේ අභාවය හේතුවෙන් ඇති වූ පුරප්පාඩුවට සමන්ත රණසිංහ මහතා මෙලෙස පත් කර තිබේ.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments