Homeජාත්‍යන්තරපාප් වහන්සේ තෝරාගැනීමේ ඡන්දය අද දෙවන දිනටත්.

පාප් වහන්සේ තෝරාගැනීමේ ඡන්දය අද දෙවන දිනටත්.

නව පාප්වරයෙකු පත් කරගැනීම​ට රැස් ​වූ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ දුම්කවුළුවෙ​න් කළු දුමාරයක් නිකුත්වෙයි.

නව පාප්වරයෙකු තෝරා පත් කරගැනීම සඳහා පැවැත්වෙන රහසිගත ඡන්ද විමසීමේ පළමු දිනයේ දී නව පාප්වරයෙකු තෝරා පත්කරගැනීමට නොහැකි වී ඇති බව වාර්තා වේ.

නව පාප්වරයෙකු තෝරා පත් කර ගැනීමට අදාළ ඡන්ද විමසීමේ කටයුතු වතිකානයේ දී ඊයේ ආරම්භ වු අතර වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවට රැස්වු ලොවපුරා සිටින කාදිනල්හිමිවරු, එහි පැවති දිව්‍ය පුජාවෙන් අනතුරුව ඡන්ද විමසීමේ කටයුතු ආරම්භ වු බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ ස්වර්ගස්ථ වීමෙන් අනතුරුව එම ධුරය සඳහා නව පාප්වරයෙකු තෝරා පත් කර ගැනීම මෙලෙස සිදුකෙරෙන අතර ඒ සඳහා කාදිනල්හිමිවරුන් 133 දෙනෙකු සුදුසුකම් ලබා සිටියි.

වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ දුම්කවුළුවේ චිමිනියෙන් කළු දුමාරයක් නිකුත් වී ඇති අතර එමඟින් සංකේතවත් වන්නේ ඊයේ දිනයේ දී නව පාප්වරයෙකු තේරී පත් වී නොමැති බව වන අතර ඒ අනුව අද දිනයේ දී යළි ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව ඇත.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments