Homeදේශීයසභාපතිවරුන්ගේ ඉල්ලා අස්වීම්

සභාපතිවරුන්ගේ ඉල්ලා අස්වීම්

ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය බන්දුල දිලීප විතාරණ මහතා සභාපති ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත යොමුකර ඇතැයි එම අමාත්‍යංශයේ ආරංචි මාර්ග පවසනවා.

ජාතික ජනබලවේගයේ ප්‍රවාහන කමිටුවේ ප්‍රධානියා ලෙස ද කටයුතු කළ ඒ මහතා නාවල විවෘත විශ්වවිද්‍යාලයේ කථිකාචාර්වරයෙක් ලෙස ද කටයුතු කරනු ලබනවා.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස කටයුතු කරන බිමල් රත්නායක අමාත්‍යවරයා යටතේ පවතින ආයතනවල සභාපති ධූරයෙන් ඉල්ලා අස්වූ තෙවන සභාපතිවරයා බන්දුල දිලීප විතාරණ මහතායි.

මින් පෙර ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති ලෙස කටයුතු කළ වෛද්‍ය රුවන් විජයමුණි සහ ජාතික ගමනාගමන මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කළ රමාල් සිරිවර්ධන යන මහත්වරු සිය ධූරවලින් ඉවත් විය. ලංකා සීනි සමාගමේ නව සභාපති ලෙස සඳමාලි චන්ද්‍රසේකර පත්කර තිබේ. එම තනතුරේ මීට පෙර කටයුතු කළ රුක්ෂාන් ගුණතිලක ඉවත් වීමත් සමග ඇති වූ පුරප්පාඩුවට ඇය පත් කර තිබේ .

එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තනතුර සඳහා දීපිකා කේ. ගුණරත්න පත් කර තිබේ.

නව සභාපතිවරිය සහ ප්‍රධාන විධායක නිලධාරිනිය පසුගියදා ලංකා සීනි සමාගමට අයත් පැල්වත්ත සහ සෙවනගල සීනි කර්මාන්තශාලාවලට පැමිණ ආයතනවල ප්‍රධාන නිලධාරීන්, වෘත්තීය සමිති නියෝජිතයන්, සේවකයන් සහ ගොවි මහත්වරුද මුණ ගැසුණාහ.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments