Homeදේශීයඅයවැය හිඟය පියවන හැටි කියයි

අයවැය හිඟය පියවන හැටි කියයි

රජය විසින් ගෙන එන ලද අයවැයේ, අයවැය හිඟය පියවීම සඳහා දේශීය හා විදේශීය ණය මුදල්වලින් සපුරා ගැනීමට බලාපොරොත්තු වන බව ජාතික ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ සරත් කුමාර මහතා පවසනවා.

අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ ජනතාවට විශ්වාස කළ හැකි අයවැයක් මෙවර රජය විසින් ඉදිරිපත් කළ බවයි.

“2025 වසරේදී ඇස්තමේන්තුගත ආදායම රුපියල් බිලියන 4,990ක්. බදු ආදායම් හැටියට රුපියල් 4,590ක්, බදු නොවන ආදායම් හැටියට රුපියල් බිලියන 370ක්, ප්‍රදානයන් හැටියට රුපියල් බිලියන 30ක් අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඇස්තමේන්තුගත වියදම රුපියල් බිලියන 8,835ක්. ඉතිරිය අපි පියවගන්න බලාපොරොත්තු වෙනවා දේශීය හා විදේශීය ණය මුදල්වලින් ඒ නිසා මේ අයවැය හිඟය පියවන එක එහෙමත් නැත්නම් මේ අයවැය කළමණාකරණය කරගන්නේ කොහොමද කියන කාරණාව සම්බන්ධයෙන් විපක්ෂයේ ඉන්න කවුරුත් කළබල වෙන්න ඕනේ නෑ”

RELATED ARTICLES
spot_img
spot_img

Most Popular

Recent Comments