Homeදේශීයවිදුලි බිල වැඩිවන ලකුණු

විදුලි බිල වැඩිවන ලකුණු

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි පවසන්නේ අනාගතයේදී විදුලි ගාස්තු ඉහළ යෑමේ හැකියාවක් පවතින බවයි.

ජනමාධ්‍ය අමතමින් අමාත්‍ය කුමාර ජයකොඩි පැවසුවේ, නියඟ තත්ත්වයන් විදුලි උත්පාදන පිරිවැයට බලපානු ඇති බවත්, එය ගාස්තු වැඩිවීමකට හේතු විය හැකි බවත්ය.

ලංකා විදුලිබල මණ්ඩලයේ ලාභ වාර්තා කිරීම පිළිබඳ අදහස් පැහැදිලි කරමින් ඔහු පැවසුවේ, ලංවිමට ලාභ නොමැති අතර පිරිවැය පමණක් ඇති බවයි.

“ලංවිම පිරිවැය ලාභ හා අලාභ ලෙස ගණනය කෙරෙන්නේ නෑ. ලංවිම රුපියල් බිලියන 140 ක ලාභයක් වාර්තා කර ඇති බවට ප්‍රකාශ වී තිබෙනවා. මෙය බොරුවක්” ඔහු පැවසීය.

පවතින නියඟ තත්ත්වයන් අනුව විදුලි උත්පාදන පිරිවැය වැඩිවිය හැකි බවට බලශක්ති අමාත්‍යවරයා අනතුරු ඇඟවීය.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments