Homeදේශීයපළාත් පාලන පනත සම්මතයි. සහතික කර අවසන්

පළාත් පාලන පනත සම්මතයි. සහතික කර අවසන්

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද සිය සහතිකය සටහන් කළා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව ප්‍රකාරව කථානායකවරයා විසින් එම සහතිකය සටහන් කර තිබෙනවා.

පනත් කෙටුම්පතට අදාළ දෙවනවර කියවීමේ විවාදය අද ප.ව 2.00 සිට ප.ව 7.00 දක්වා පැවැත්වීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේදී විශේෂ බහුතර ඡන්දයෙන් සම්මත වුණා.
ඊට පක්ෂව ඡන්ද 187ක් හිමිවුණා.

කෙසේවෙතත් කෙටුම්පතට විපක්ෂව කිසිදු මන්ත්‍රීවරයකු ඡන්දය ලබා නොදුන් අතර කිසිවකු ඡන්දය ලබාදීමෙන් වැළකී සිටියේද නැහැ.

ඉන් අනතරුව පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත තෙවනවර කියවීම හෙවත් කාරක සභා අවස්ථාව ආරම්භ වුණා.

එහිදී පක්ෂව ඡන්ද 158ක් හිමිවූ අතර විපක්ෂ කිසිදු ඡන්දයක් භාවිතා කර තිබුණේ නැහැ.

කිසිවකු ඡන්දය ලබාදීමෙන් වැළකී නොසිටි බවයි වාර්තා වන්නේ.

සංශෝධන රහිතව විශේෂ බහුතර ඡන්දයෙන් පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.

මෙම පනත් කෙටුම්පත 2025 ජනවාරි 9 වැනි දින පළමුවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා.

ඒ අනුව මෙම පනත් කෙටුම්පත 2025 අංක 01 දරන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත ලෙස බලාත්මක වනු ඇති.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments