HomeදේශීයSIS SI අත්අඩංගුවට

SIS SI අත්අඩංගුවට

යතුරුපැදියකින් පුද්ගලයන් දෙදෙනෙකු රැගෙන ආ කොකේන් මත්ද්‍රව්‍ය මිලදී ගැනීමටට පැමිණි රාජ්‍ය බුද්ධි සේවයේ උප පොලිස් පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට ගත් බව මීගොඩ ‍පොලිසිය පවසනවා.

එම සැකකාර නිලධාරියා පාදුක්ක කූරුගල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මීගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් සහ විශේෂ කාර්ය බලකා නිලධාරීන් මීගොඩ ගොඩගම හන්දිය අසල ක්ෂණික මාර්ග බාධක රාජකාරී යෙදී සිටියදී යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු පරික්ෂා කිරීමේදී කොකේන් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 1130 ක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පවසන්නේ, එම සැකකරුවන් දෙදෙනාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී එම මත්ද්‍රව්‍ය අලෙවි කිරීමට රැගෙන ආ බවත් මිලදී ගැනීමට පුද්ගලයකු ගොඩගම හන්දියට පැමිණෙන බවට අනාවරණය කළ බව‍යි.

ඒ අනුව මත්ද්‍රව්‍ය මිලදී ගැනීමට පැමිණි පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු රාජ්‍ය බුද්ධි සේවයට අනුයුක්ත උප පොලිස් පරීක්ෂකවරයෙකු බවට අනාවරණය වී ඇති බව පොලීසිය පවසනවා.

එම සැකකාර නිලධාරියා රාජකාරියෙන් පසු නිවසට පැමිණ ඇති බව පොලීසිය වැඩිදුරටත් කියා සිටියා.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments