Homeදේශීයජනපතිට රොෂාන් හමුවෙයි

ජනපතිට රොෂාන් හමුවෙයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති ලෝක රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීමට ඩුබායි වෙත ගොස් සිටි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා යළි දිවයිනට පැමිණ තිබෙනවා.

ජනාධිපතිවරයා සමග එම රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීමට එරටට ගොස් සිටි ශ්‍රී ලංකා දූත පිරිසද යළි දිවයිනට පැමිණි බවයි ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයෙකු සඳහන් කළේ.

ඔවුන් ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා. කටුනායක ගුවන්තොටුපලින් පිටතට පැමිණෙන අතරතුර ෆ්ලෑෂ්බැක් සංගීත කණ්ඩායමේ නායක රොෂාන් ප්‍රනාන්දුද මුණගැසී තිබේ.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments