Homeදේශීයඅදත් පැයක් විදුලිය කැපේ

අදත් පැයක් විදුලිය කැපේ

අදත් පැයක විදුලි කප්පාදුවක් පිළිබඳව විදුලිබල මණ්ඩලය නිවේදනය කර තිබේ. විදුලිය ජනනය සීමාවන අවස්ථාවලදී පද්ධතිය කළමනාකරණය කර ගැනීම සඳහා මෙම විදුලි කප්පාදුව සිදුකරන බව විදුලිබල මණ්ඩලය පවසයි.
විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න සඳහන් කළේ, ජනතාවට පීඩාවක් නොවන පරිදි විදුලි කප්පාදුව කළමනාකරණයට පියවර ගෙන ඇති බවයි.

නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍ර තුන මෙතෙක් යථා තත්ත්වයට පත්කර නැත. ඉන්, ජාතික පද්ධතියට එක්වන විදුලි ධාරිතාව මෙගාවොට් 900 කි. ජල විදුලි උත්පාදනය, මේ වනවිට පවතින්නේ, 30% ක මට්ටමේය.

පවතින ජලය කළමනාකරණය කර ගනිමින් විදුලි සැපයුම ලබාදීමට පියවර ගන්නා බව ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කළේ ය.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments