Homeදේශීයඑකවර මාරුවීම් දුන් ඉති­හා­සයේ ප්‍රථම අවස්ථාව

එකවර මාරුවීම් දුන් ඉති­හා­සයේ ප්‍රථම අවස්ථාව

ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ ස්ථානාධිපතිවරුන් විශාල පිරිසකට එකවර මාරුවීම් ලබාදුන් ඉතිහාසයේ ප්‍රථම වතාව මෙය බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 105 දෙනෙකු සහ පොලිස් පරීක්ෂකවරුන් 34 දෙනෙකු ඒ අතර වෙයි.

මෙම ස්ථාන මාරුවීම් හෙට 13සහ 18 වැනි දා සිට ක්‍රියාත්මක වීමට නියමිතයි.

කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල ස්ථානාධිපතිවරුන් රැසක්ම මෙම ස්ථාන මාරුවීම් අනුව සාමාන්‍ය රාජකාරී සඳහා යොදවා තිබේ.

වැඩබලන පොලිස්පතිවරයා සේවා අවශ්‍යතා මත පොලිස් ස්ථානාධිපතිවරු 53 දෙනෙක් සාමාන්‍ය රාජකාරී සඳහා මාරුකර තිබෙනවා. 

ඒ ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය සහිතවයි. 

තවත් පොලිස් ස්ථානාධිපතිවරු 36 දෙනෙක් ස්ථාන මාරු කර තිබෙනවා. 

එමෙන්ම, අලුතින් පත්කළ ස්ථානාධිපතිවරු සංඛ්‍යාව 50 දෙනෙක්.

ඒ අනුව, දිවයිනපුරා පොලිස් ස්ථානාධිපතිවරු 139 දෙනෙක් වෙනස් කර තිබෙනවා. 

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments