Homeදේශීයසන්නස්ගලට වරෙන්තු

සන්නස්ගලට වරෙන්තු

ප්‍රවීණ ලේඛක උපුල් ශාන්ත සන්නස්ගල මහතා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබෙනවා.

ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයේ කැඳවූ නඩු කටයුත්තකට ඊයේ දිනයේ දී පෙනී නොසිටීම හේතුවෙන් ඔහුට මෙලෙස වරෙන්තු නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

කේ.කේ. ශ්‍රීනාත් නමැත්තා විසින් රචනා කරන ලද ‘බුදුන්ගේ රස්තියාදුව’ නමැති ග්‍රන්ථය හේතුවෙන් බුදු දහමට නිගරුවක් වන බව පවසමින් එවක අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ ජනාධිපති නීතිඥ ආචාර්‍යය විජේදාස රාජපක්ෂ මහතා විසින් සන්නස්ගලට එරෙහිව නඩු පවරනු ලැබුවා.

අදාළ නඩුව ඊයේ දිනයේ දී කැඳවූ අවස්ථාවේදී එම ග්‍රන්ථයේ ප්‍රකාශන හිමිකරු වන උපුල් ශාන්ත සන්නස්ගල අදාළ නඩුවට පෙනී සිටියේ නැහැ.

ඒ හේතුවෙනුයි ඔහුට එරෙහිව අධිකරණය විවෘත වරෙන්තු නිකුත් කළේ.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments