Homeජාත්‍යන්තරඊශ්‍රායලය සටන් විරාමය අවසන් කිරීමේ සූදානමක්

ඊශ්‍රායලය සටන් විරාමය අවසන් කිරීමේ සූදානමක්

පලස්තීනය විසින් සෙනසුරාදා දහවල් වන විට අපගේ ප්‍රාණ ඇපකරුවන් ආපසු නිදහස් නොකළ හොත් ගාසා තීරයේ සටන් විරාමය අවසන් කර නැවත දැඩි සටන් ආරම්භ කරන බව ඊශ්‍රායල අනතුරු අඟවා තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ, ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම කල්දමන බවට හමාස් සංවිධානය කළ නිවේදනයට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු මේ බව පවසා ඇති බවයි.

ගාසා තීරය තුළ සහ අවට ඊශ්‍රායල හමුදා ආරක්ෂාව තර කරන ලෙස තමා නියෝග කළ බවද බෙන්ජමින් නෙතන්යාහු පවසා තිබෙනවා.

විදෙස් වාර්තා පවසන්නේ, හමාස් සංවිධානය විසින් ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 76 දෙනෙකු තවදුරටත් රඳවාගෙන සිටින බවයි.

මානුෂීය ආධාර අවහිර කිරීම ඇතුළුව සති තුනක් පැරණි සටන් විරාම ගිවිසුම උල්ලංඝනය කළ බවට හමාස් සංවිධානය ඊශ්‍රායලයට චෝදනා කර තිබෙනවා.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments