Homeදේශීයකතරගම දේවාලයේ විගණනයේ ඇත්ත මෙන්න

කතරගම දේවාලයේ විගණනයේ ඇත්ත මෙන්න

විගණකාධිපති දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් රුහුණු මහා කතරගම දේවාලයේ ප්‍රධාන කාර්යාලයේ විගණනයක් සිදු කිරීම යහපත් ක්‍රියාවක් බව එම දේවාලයේ බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතා පවසනවා.

අඩුපාඩු පෙන්වා දීමද ඉතා වැදගත් බවයි ඔහු කියා සිටියේ. විගණකාධිපති දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් රුහුණු කතරගම මහා දේවාලයට පැමිණ එහි ප්‍රධාන කාර්යාලයේ විගණන පරීක්‍ෂණයක් ආරම්භ කර ඇත.

විහාර දේවාලගම් පනත අනුව මෙහි විගණනයක් කරන්නේ නම් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාගේ ඉල්ලීම මත විගණකාධිපති දෙපාර්තමේන්තුව එහි යා යුතු වුවද කතරගම මහ දේවාලයේ බස්නායක නිලමේවරයා දැනුම් දෙනතුරු බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා මේ බව දැන සිට නැතැයි අනාවරණය වී ඇත.

දේවාලයේ ප්‍රධානම ආදායම් මාර්ගය වන පූජා වට්ටියට තබන පඬුරු මුදල් දේවාලයට ඇතුළුවන තැන පඬුරු පෙට්ටියට වැටෙන පඬුරු හා පොල් ගසන ස්ථානයෙන් එකතුවන කොප්පරා ආදායම යන මුදල් කිසිවක් දේවාලයේ ගිණුමට ගිණුම්ගත නොවී කපු මහතුන් රැගෙන යන බැව් විගණන නිලධාරින් තහවුරු කරගත් බවද බස්නායක නිලමේවරයා පෙන්වා දුන්නේය.

පඬුරුවලින් මාසයකට කෝටි හතරක් පමණ විතර කපු මහත්වරුන්ට යනවා. බැතිමතුන් ගහන පොල් කොප්පරාවලට විකුණලා මාසයකට ලක්ෂ විස්සක් විතර ගන්නවා. මේ මුදල් ගිණුම්ගත වන්නේ නැහැ. ජනාධිපතිවරයාට යොමු කළ මහජන පැමිණිල්ලක් මත විමර්ශන අරඹන බව විමර්ශනයට පැමිණි නිලධාරින් අපට දැන්වූවා. දැන් ලොකුම වංචාව සිදුවන ආකාරය ඒ නිලධාරින් අනාවරණ කරගත්තා යැයිද හෙතෙම පෙන්වා දුන්නේය.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments