Homeඅධ්‍යාපනිකඅධ්‍යාපනය වෙනුවෙන් මන්ත්‍රී රෝහිණීගේ යෝජනාව

අධ්‍යාපනය වෙනුවෙන් මන්ත්‍රී රෝහිණීගේ යෝජනාව

සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිනී කවිරත්න පුවත් පත් නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ වර්තමාන ආණ්ඩුව රාජ්‍ය සේවකයන්ට ලබා දුන් පොරොන්දු ඉක්මනින් ඉටු කල යුතු බවයි.

ගුරු-විදුහල්පතිවරුන්ට හිමිවිය යුතු ඉතිරි 2/3 ක වැටුපත්, අනෙකුත් සියළුම අධ්‍යාපන සේවාවන්හි නිලධාරින්ට හිමි විය යුතු සම්පූර්ණ හිඟ මුදලත් ගෙවා දැමීමට අය වැය මගින් මුදල් වෙන් කරන ලෙස මාතලේ දිස්ත්‍රික්ක පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න අය වැය යෝජනාවක් ඉදිරිපත් කර ඇත.

රෝහිණී කවිරත්න මන්ත්‍රීවරිය විසින් ඉදිරිපත් කර ඇති අය වැය යෝජනාවේ මෙසේ ද දැක්වේ.

‘අධ්‍යාපන කේෂ්ත්‍රයේ වෘත්තිකයින්ට 97/2 චක්‍ර ලේඛනය මගින් අති වූ වැටුප් විෂමතාවය සමනය කිරීම සඳහා සමගි ජනබලවේගය, ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ දේශපාලන පක්ෂ රැසක් ද, වෘත්තීය සමිති සියල්ලම පාහේ ද, එවකට විපක්ෂයේ සිට තවත් පිරිස් ද එක්වන කටයුතු කරනු ලැබීය.

එහි ප්‍රතිඑලයක් ලෙස, 2021 වසරේ දී, ගුරුවරුන්ට හා විදුල්පතිවරුන්ට පමණක් එම වැටුප විෂමතාවයෙන් 1/3 ක් පසුගිය රජය විසින් ලබාදෙන ලදී. නමුත්, එතන දීත් අධ්‍යාපන පරිපාලන‌ සේවය, ගුරු අධ්‍යාපනඥ සේවය, ගුරු උපදේශක සේවය ඇතුළු අනෙකුත් සේවාවන් හි නිලධාරීන්ට ඔවුන්ට හිමි විය යුතු 1/3 ක වැටුප හිමිකම හෝ ලැබුණේ නැත.

ඒ නිසා, 2025 අය වැය මගින්, 97/2 චක්‍ර ලේඛනය නිසා ඇති වූ වැටුප් විෂමතාවය නිවැරදි කර, වත්මන් ආණ්ඩුවද, විපක්ෂය එක්ව පිළිගත් පරිදි අධ්‍යාපන කේෂ්ත්‍රයේ සියළුම සේවාවන් හි නිලධාරීන් වෙත පූර්ණ වැටුප් හිමිකම ලබා දීමට කටයුතු කළ යුතුය. ගුරුවරුන් හා විදුහල්පතිවරුන්ට 2/3 ක වැටුප් හිමිකම ද, අනෙකුත් සේවාවන් හි සියළු නිලධරයන්ට පූර්ණ හිඟ මුදල ද, ලබා දීමට අවශ්‍ය මුදල් මෙවර අය වැය මගින් ලබා දෙන ලෙස යෝජනා කරමි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments