ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ හිටපු විදුහල්පති ආචාර්ය අතුල පතිනායක.
නීති විද්‍යාලය කියන්නේ මොකක් වත් කරන්න බැරි වුණාම එන්න තියන තැන විදිහට සලකන අයත් ඉන්නවා.
මේක බොහොම අවාසනාවන්ත තත්ත්වයක්. නීතිඥ වෘත්තිය කියන්නේ බොහොම භාරධුර වගකීමක්. නීතිඥවරයෙක් විදිහට දිවුරුම් දුන්නට පස්සේ පසුවදාම වුණත් මිනීමැරුම් චෝදනාවකට චෝදනා ලැබූ කෙනෙකු වෙනුවෙන් පෙනී සිටින්න පුළුවන්.
නැත්තම් රජයේ අධි නීතිඥවරයෙක් වුණොත් ඉතා කෙටි කාලයකින් යම් තැනැත්තකුට හෝ තැනැත්තියකට මරණීය දණ්ඩනය නියම කරන නඩුවක පැමිණිල්ල මෙහෙයවන්න පුළුවන්. එවැනි භාරධුර කටයුත්තක් තමයි නීතිඥයෙක් කරන්නේ. එතනදී බලන්න ඕනෑ අපි එවැනි නීතිඥවරුන්ට අවශ්‍ය අධ්‍යාපනය සහ කුසලතා ලබා දෙනවද කියලා.
දැනට පවතින යන්ත්‍රණය තුළ මේ අවශ්‍යතාව නිසි පරිදි පරිපූරණය වන බවක් පේන්න නැහැ.
දැනට වසරකට නීති විද්‍යාලයට ඍජුවම ඇතුළත් වන ශිෂ්‍යයන් 225කට ආසන්න සංඛ්‍යාවට අමතරව විශාල නීතිවේදී උපාධිධාරීන් පිරිසක් ඇතුළත් වෙලා වසරකට එක්දාස් පන්සීයක් විතර නීතිඥවරු එළියට යන එක විතරයි.
ඒ කට්ටියට අවශ්‍ය දැනුම සහ කුසලතා නිසි පරිදි ඇති කිරීමක් සිදු වන්නේ නැහැ. මෙතනදි මම පළමුවෙන්ම දකින්නේ නීති අධ්‍යාපන සභාවට සම්බන්ධ නීතිය සම්පූර්ණයෙන්ම වෙනස් වීමක් වෙන්න ඕනෑ බවයි.