පාර්ලිමේන්තුව රැස්වෙන දිනවල කථානායක සභානායක වැනි ධූර දරන්නන් සම්ප්රදායක් ලෙස පාර්ලිමේන්තු නොපැමිණීමක් සිදු නොවේ.
මෙම පාර්ලිමේන්තු සතියේ දශක ගණනාවක් පැවති පාර්ලිමේන්තු සම්ප්රදාය කඩවෙමින් දින දෙකක් කතානායකවරයා මුලසුනට පැමිණියේ නැත.විදේශ සංචාරයක් හෝ නොවැළැක්විය හැකි රාජකාරි කටයුත්තක් නොතිබූ පසුබිමක කථානායකවරයා මුලසුනට නොපැමිණීම විශේෂත්වයකි.
මෙම තත්ත්වය වඩාත් විශේෂිත වූයේ සිකුරාදා දිනයේ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න,
සභානායක අමාත්‍ය බිමල් රත්නායක සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක වෛද්‍ය නලින්ද ජයතිස්ස යන මහත්වරුන් තිදෙනාම පාර්ලිමේන්තු සභාවේ නොසිටීමයි.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග ආචාරධර්ම සහ රීතිවල සඳහන් කරුණු කුමක් වුවද සම්ප්‍රදායට ගරු කිරීම සහ සම්ප්‍රදායන් පවත්වාගෙන යාම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ චිරාත් කාලයක් සිදු කෙරුණු කටයුත්තකි.



