HomeදේශීයNPP සහ BJP සාකච්ඡා

NPP සහ BJP සාකච්ඡා

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත් පස්දෙනකුගෙන් සමන්විත නියෝජිත පිරිසක් ඉන්දියාවේ සංචාරයක් ආරම්භ කර ඇති අතර, නවදිල්ලි නුවරදී ඉන්දියාවේ පාලක භාරතීය ජනතා පක්ෂයේ (BJP) ප්‍රධානීන් සමග සාකච්ඡා පවත්වා තිබේ.

මෙම නියෝජිත පිරිස ඉන්දියාවේ සංචාරය කරන්නේ භාරතීය ජනතා පක්ෂයේ විදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ ආරාධනයකට අනුව, එම පක්ෂයේ ‘KNOW BJP’ වැඩසටහන යටතේ ය.

දෙපක්ෂය අතර දේශපාලන සබඳතා ශක්තිමත් කර ගැනීම සහ සංවිධානාත්මක අත්දැකීම් හුවමාරු කර ගැනීම මෙම සංචාරයේ අරමුණ බව ඉන්දියානු සහ ශ්‍රී ලාංකික වාර්තා සඳහන් කරයි.

භාරතීය ජනතා පක්ෂයේ විදේශ කටයුතු දෙපාර්තමේන්තු භාර විජේ චෞතායිවාලේ සමග එක්ව, තමන් සැප්තැම්බර් 27 වැනිදා දිල්ලියේදී ටිල්වින් සිල්වා සහ එම නියෝජිත පිරිස සමග සාකච්ඡා පැවැත්වූ බව භාරතීය ජනතා පක්ෂයේ දේශපාලනඥ වානතී ශ්‍රීනිවාසන් පවසා ඇත.

ශ්‍රීනිවාසන්ට අනුව, ඉන්දීය ධීවරයන් මුහුණ දෙන ගැටලු, සරණාගතයන් නැවත පදිංචි කිරීම සහ ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර සහයෝගීතාව පිළිබඳව මෙම සාකච්ඡාවලදී අවධානය යොමු වී ඇත.

මෙම නියෝජිත පිරිස සිය නිල හමුවීම්වලට පෙර නවදිල්ලි නුවරදී භාරතීය ජනතා පක්ෂයේ නියෝජිතයන් විසින් පිළිගන්නා ලදී.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments