22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කතානායකවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලිප්ටන් වටරවුමේදී පන්දම් විරෝධතාවයක් පැවැත්විණි.
එම විරෝධතාවය සංවිධානය කර තිබුණේ නිදහස් සටන් මධ්‍යස්ථානය විසිනි.
පැවති වැසි මධ්‍යයේ ජනතාව පන්දම් දල්වා ගෙන සටන් පාඨ කියමින් විරෝධය දැක්වීය.
හිටපු අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න,පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නීතිඥ ප්‍රේමනාත් දොළවත්ත,සමන් රත්නප්‍රිය ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න නීතිඥ ශිරාල් ලක්තිලක ඇතුළු දේශපාලනඥයින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.



