Homeදේශීයදිවයින පුරා සතොස වෙළෙඳසැල් 31ක් වහලා

දිවයින පුරා සතොස වෙළෙඳසැල් 31ක් වහලා

2024 වසරේ ජනවාරි සිට 2025 වසරේ ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ දිවයින පුරා සතොස වෙළෙඳසැල් 31ක් පමණ වසා දමා ඇති බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආර්. එම්. ජයවර්ධන මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, අද පාර්ලිමේන්තුවේ චානක මාදුගොඩ මන්ත්‍රීවරයා ඇසූ පැනයකට පිළිතුරු ලබාදෙමිනි.

මේ වසරේ අගෝස්තු මස 17 වැනිදා වනවිට රට පුරා සතොස වෙළෙඳසැල් 424ක් පිහිටා ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා කියාසිටියේය.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments