සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී. පෙරේරාගේ විශ්ලේෂණයකට අනුව, ශ්‍රී ලාංකික ඉහළ අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට යෝජනා කර ඇති පියවර සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ විනිසුරුවරුන්ගේ සහ නීතිඥවරුන්ගේ ස්වාධීනත්වය පිළිබඳ විශේෂ වාර්තාකරු (UN Special Rapporteur) විසින් මතු කරන ලද ප්‍රධාන ගැටලු සඳහා ප්‍රමාණවත් පිළිතුරු ලබා දීමට ශ්‍රී ලංකා රජය අපොහොසත් වී ඇත.
“The Defence Is Worse Than the Crime” (ආරක්ෂාව අපරාධයටත් වඩා නරකයි) යන මැයෙන් යුත් ලේඛනයක් මගින් අජිත් පී පෙරේරා පෙන්වා දෙන්නේ, විශේෂ වාර්තාකරු විසින් අගෝස්තු 7 වන දින යොමු කළ ලිපියට රජය ලබා දුන් දීර්ඝ ප්‍රතිචාරය තුළ මූලික ප්‍රශ්න කිහිපයකටම පිළිතුරු ලබා දී නොමැති බවයි.
යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 65 සිට 67 දක්වාත්, අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 63 සිට 65 දක්වාත් ඉහළ දැමීමට අපේක්ෂා කෙරේ. එමගින් අගවිනිසුරුවරයා සඳහා වසර හයක ධුර කාල සීමාවක් හඳුන්වා දෙන අතර, එය වයස අවුරුදු 67 සම්පූර්ණ වීම හෝ වසර හයක කාලය අවසන් වීම යන කරුණු දෙකෙන් කුමක් පළමුව සිදුවේද යන්න මත තීරණය වනු ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයෙකු ද වන පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී පෙරේරා පවසන්නේ, අධිකරණ ස්වාධීනත්වය සඳහා පවතින ව්‍යවස්ථාපිත ආරක්ෂාවන් රජය විසින් උපුටා දැක්වුවද, දැනටමත් සේවයේ නියුතු විනිසුරුවරුන්ගේ ධුර කාලය පිළිබඳ ප්විධිවිධාන වෙනස් කිරීම සම්බන්ධයෙන් මතු වූ ගැටලු ප්ප්‍රමාණවත් ලෙස විසඳා නොමැති බවයි.
මෙම යෝජනාව අනුමත කිරීමට පෙර ප්අධිකරණය, ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL), නීති වෘත්තිකයන්, සිවිල් ප්සමාජය සහ විද්වතුන් සමඟ සාකච්ඡා කිරීම ඇතුළු පුළුල් උපදේශන ප්ක්‍රියාවලියක් සිදු කළ බවට සාක්ෂි ඉදිරිපත් කිරීමට ද රජය අපොහොසත් වී ඇති බව ඔහු තර්ක කරයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නියෝජිතයන් අතර හමුවක් පැවැත්වූයේ කැබිනට් අනුමැතිය ලැබීමෙන් සහ පනත් කෙටුම්පත් ගැසට් පත්‍රයේ පළ කිරීමෙන් පසුව, එනම් අගෝස්තු 12 වන දිනයි. ප්‍රතිපත්තිමය තීරණයක් අවසන් කිරීමට පෙර සිදු කෙරෙන උපදේශන ක්‍රියාවලියට වඩා මෙවැනි හමුවීමක් වෙනස් බව ඔහු තර්ක කරන්නේය.
විශ්‍රාම වයස දීර්ඝ කිරීමට හේතු ලෙස අධිකරණයේ පවතින නඩු ගොඩගැසීම සහ අධිකරණ අත්දැකීම් සහිත විනිසුරුවරුන්ගේ සේවය රඳවා ගැනීමේ අවශ්‍යතාවය රජය විසින් ඉදිරිපත් කිරීම පිළිබඳව ද මෙම විශ්ලේෂණය මගින් ප්‍රශ්න කෙරිණි. විනිසුරුවරුන්ගේ ධුර කාලය වසර දෙකකින් දීර්ඝ කිරීම මගින් නඩු කල් යාම සැලකිය යුතු ලෙස අඩු වන බවට කිසිදු සංඛ්‍යාලේඛනයක් හෝ විශ්ලේෂණයක් එම ප්‍රතිචාරය තුළ අන්තර්ගත නොවූ බව ඔහුගේ ලිපියේ සඳහන්.



