Homeදේශීයඅපි අවුරුදු 10කින්වත් යන්න නෙමෙයි ආවේ

අපි අවුරුදු 10කින්වත් යන්න නෙමෙයි ආවේ

රජය බලයට පත් වූයේ වසර 5ක් හෝ වසර 10ක් වැනි කෙටි කාලයකට නොවන බවත්, ජනතාව තැබූ විශ්වාසය සහ ලබා දුන් තුනෙන් දෙකක බලය සුරක්ෂිත කරමින් දීර්ඝ කාලීනව රට ගොඩනැගීමේ වැඩපිළිවෙළ ඉදිරියටම ගෙන යන බවත් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසනවා.

පවතින පුරප්පාඩු සඳහා වසර එකහමාරක් ඇතුළත 117,000ක පිරිසක් රාජ්‍ය සේවයට බඳවා ගැනීමට පරීක්ෂණ සහ සම්මුඛ පරීක්ෂණ පවත්වමින් සිටින අතර, සුදුසුකම් සහිත කිසිදු අයෙකුට අසාධාරණයක් වීමට ඉඩ නොතබන බවටද ඔහු සහතික වුණා.

එමෙන්ම, ණය වාරික ගෙවීමට නොහැකිව බංකොලොත් වී තිබූ රටේ ඩොලර් කෝටි 500ක ණයක් ගෙවා දමා, මේ වන විට ඩොලර් කෝටි 670ක විදේශ සංචිත ප්‍රමාණයක් ඉතිරි කර ගැනීමට ආණ්ඩුව සමත් වී ඇති බවද ඔහු සඳහන් කළා.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ මාර්ග සංවර්ධනය සඳහා පමණක් අයවැය මගින් රුපියල් මිලියන 4000ක මුදලක් වෙන් කර ඇති බවත්, පළාත් පාලන ආයතනවල පවතින යටිතල පහසුකම් සහ වාහන අභියෝගයන්ට පිළියම් ලෙස ප්‍රාදේශීය සභා වෙත ඩෝසර් සහ බැකෝ යන්ත්‍ර ලබා දීමට සැලසුම් කර ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

එපමණක් නොව මහජන දේපළ අවභාවිත කළ පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙමින් පවතින බවත්, අධිකරණ පද්ධතියේ කාර්යක්ෂමතාව සහ ස්වාධීනත්වය වෙනුවෙන් රජය උපරිම පහසුකම් සලසා දී ඇති බවත් සඳහන් කළා.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments