2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාවට අදාළව ගොනුකර ඇති නඩුවේ තීන්දුව ලබන සැප්තැම්බර් 22 වනදා ප්‍රකාශයට පත්කිරීමට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල නියෝග කර තිබේ.
මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනකුගෙන් සමන්විත ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ මෙම නඩු විභාගය පවත්වනු ලබයි.
2019 අප්‍රේල් 21 වැනිදා ශ්‍රී ලංකාවේ දේවස්ථාන සහ සංචාරක හෝටල් ඉලක්ක කරගනිමින් එල්ල වූ පාස්කු ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනාවලට අදාළව මෙම නඩු කටයුතු සිදුකෙරෙයි.
නඩු විභාගයේදී ඉදිරිපත් වූ සාක්ෂි සහ දෙපාර්ශ්වයේ කරුණු දැක්වීම් දීර්ඝ ලෙස සලකා බැලීමෙන් අනතුරුව මහාධිකරණ විනිසුරු මඬුල්ල විසින් අදාළ තීන්දුව ලබාදීමට නියමිතය.



