මෙම වසර අගදී පළමු ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කිරීමට සහ මෙම සැප්තැම්බර් මාසයේ සිට සියලුම රථ වාහන දඩ මුදල් ගෙවීම GovPay මගින් පමණක් සිදු කිරීමට සැලැසුම් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයට අදාළව 2026 වසරේ ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘති සහ වැඩසටහන්වල ප්‍රගති සමාලෝචන සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පවත්වා තිබුණි.
එහිදී ජනාධිපතිවරයා හමුවේ අමාත්‍යාංශ නිලධාරීන් මේ බව පැවසූ බව එම නිවේදනයේ සඳහන් වේ.



