තමාට සක්‍රීය දේශපාලනයට යළි පිවිසීමේ කිසිදු අදහසක් නොමැති බව අමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා පවසයි.
වසර පහකට ආසන්න කාලයක් සේවය කිරීමෙන් පසු පෞද්ගලික හේතූන් මත තමා තානාපති ධුරයෙන් ඉවත් වූ බවත්, ඉවත් වන ලෙස රජයෙන් කිසිදු බලපෑමක් නොතිබූ බවත් ඔහු අවධාරණය කරයි.
තම තානාපති කාලය තුළ ශ්‍රී ලංකා – අමෙරිකානු සබඳතා ශක්තිමත් කිරීමටත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ගිවිසුම් සඳහා අමෙරිකාවේ සහය ලබා ගැනීමටත්, අමෙරිකාව විසින් පනවන ලද බදු 10% ක සීමාවක රඳවා ගැනීමටත්, එරටින් නාවික යාත්‍රාවක් සහ හෙලිකොප්ටර් කිහිපයක් ලබා ගැනීමටත් කටයුතු කළ බව සමරසිංහ මහතා සිහිපත් කළේය.
කෙසේ වෙතත්, ජාත්‍යන්තර කටයුතු සම්බන්ධයෙන් රජයෙන් ඉල්ලීමක් කළහොත් සහයෝගය ලබා දීමට තමා තවදුරටත් සූදානම් බව ඔහු පැවසීය.
එමෙන්ම, සක්‍රීය දේශපාලනයෙන් ඉවත් වී සිටින හෙයින් වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව අදහස් දැක්වීමට සූදානම් නොමැති බවද හිටපු තානාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.



