2026 වසරේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මාසයක් ඇතුළත නිකුත් කිරීමට කටයුතු කරන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි මහත්මිය සඳහන් කළා.
ඇය මේ බව සඳහන් කළේ, මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින්.
ඒ අනුව විභාගයේ ඇගයීම් කටයුතු අගෝස්තු 20 වැනිදා සිට 25 වැනිදා දක්වා සිදු කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවයි ඇය සඳහන් කළේ.
මෙවර ශිෂ්‍යත්ව විභාගය ඊයේ (09) දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,723කදී පැවැත්වුණා.
ඒ සඳහා සිසුන් 294,089 දෙනෙකු පෙනී සිටියා.
ඉන් සිංහල මාධ්‍ය සිසුන් 220,366 දෙනෙකු සහ දෙමළ මාධ්‍ය සිසුන් 73,723 දෙනෙකු විභාගයට සහභාගී වූ බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.



