Homeදේශීයසත්ව සුබසාධන පනත ගැන මල්වතු මහනාහිමි කතා කරයි.

සත්ව සුබසාධන පනත ගැන මල්වතු මහනාහිමි කතා කරයි.

සත්ව සුබසාධන පනත් කෙටුම්පත මගින් මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයට අලි ඇතුන් යොදා ගැනීමට බාධා ඇතිවන්නේද නැද්ද යන්න පිළිබඳව සමාජයේ කතාබහක් නිර්මාණය වී ඇති බැවින්, ඒ පිළිබඳව ජනතාව දැනුවත් කිරීම රජයේ වගකීමක් බව මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියෝ පවසති.

මෙම පනත ක්‍රියාත්මක වීමෙන් පසු අලි ඇතුන්ට දම්වැල් යොදා පාරේ ගෙන යාමට නොහැකි වන බවට යම් යම් පිරිස් තමන් වහන්සේ දැනුවත් කළ බවත්, එම ප්‍රකාශ හමුවේ නිහඬව නොසිට සැබෑ තත්ත්වය රටට හෙළි කළ යුතු බවත් උන්වහන්සේ අවධාරණය කළහ.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය සුරංග ප්‍රනාන්දු මල්වතු මහා විහාරයට පැමිණ මහනාහිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත් අවස්ථාවේදී උන්වහන්සේ මේ බව සඳහන් කළහ. පිට පළාතක කෙනෙකුට වඩා මධ්‍යම පළාත පිළිබඳ හොඳ අවබෝධයක් ඇති පුද්ගලයෙකු ආණ්ඩුකාර ධුරයට පත් කිරීම අගය කරන බවද මහනාහිමියෝ මෙහිදී පැවසූහ.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments