Homeදේශීයපළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්න ඉන්දියාවෙන් ඉල්ලීමක්

පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්න ඉන්දියාවෙන් ඉල්ලීමක්

දිගු කලක් පුරා කල් ගොස් ඇති පළාත් සභා මැතිවරණ හැකි ඉක්මනින් පවත්වන ලෙස ඉන්දියාව ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කළ බව එරට විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළා.

නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී වික්‍රම් මිස්රි ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවු අවස්ථාවේ දී මෙම ඉල්ලීම සිදුකළ බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

එමෙන්ම, දිට්වා සුළි කුණාටුවෙන් පසුව ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත් කිරීම සඳහා සහය දැක්වීම, බලශක්ති සහයෝගීතාව, වෙළෙඳ ගිවිසුව යාවත්කාලීන කිරීම, ත්‍රිකුණාමලය බලශක්ති මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම, කන්කසන්තුරය වරාය නවීකරණය සහ ඩිජිටල් අනන්‍යතා ව්‍යාපෘතිය ඇතුළු ඉන්දීය සහය ලබන ව්‍යාපෘති පිළිබඳව ද මෙම හමුවේදී සාකච්ඡා වී තිබෙනවා.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments