දෙමළ භාෂාව කතා කරන පක්ෂ හයකින් සමන්විත කණ්ඩායම ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා හමුවී ඇත.
ඔවුන්ගේ අවධානයට ලක්ව ඇති ගැටළු සහ රාජ්‍ය නායකත්වය සමඟ පැවැත්වූ සාකච්ඡා ඇතුළු ඔවුන්ගේ විවිධ ක්‍රියාකාරකම් පිළිබඳව ඔවුහු ඉන්දීය මහ කොමසාරිස්වරයාට කරුණු පැහැදිලි කළ බව සඳහන්.
ඉන්දීය-ශ්‍රී ලංකා ඒකාබද්ධ ව්‍යාපෘති සහ ද්විපාර්ශ්වික සහයෝගීතාවයේ අනෙකුත් අංශ පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කර ඇත.



