දිනන දකුණ සාමූහිකයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වා ඇත.
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් සංකල්ප පත්‍රිකාවක් තමන් වෙත නොලැබුණු බවත්,එවැනි කැබිනට් පත්‍රිකාවක් තමන් සකස් නොකළ බවත් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම් ජනාධිපති නීතිඥ අයේෂා ජිනසේන මෙනවිය පසුගිය දිනක ජාතික පුවත්පතකට ප්‍රකාශයක් සිදුකර තිබිණි.
මෙම ප්‍රකාශය තුළ පැහැදිලි වන්නේ එවැනි කැබිනට් පත්‍රිකාවක් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් වූයේ අදාල රේඛීය අමාත්‍යාංශය මැදිහත්ව සකස් නොකර වෙනත් පාර්ශවයක් විසින් සකස් කරන ලද්දක් බවට දිනන දකුණ සාමූහිකයට සාධාරණ සැකයක් මතුවේ.
එම සැකය තවදුරටත් තීව්‍ර වනුයේ,ඊයේ දිනයේ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය මහතා මල්වතු පාර්ශවයේ මහානායක ස්වාමීන් වහන්සේ බැහැදැකීමෙන් අනතුරුව සිදු කරන ලද ප්‍රකාශය හේතුවෙන්.
මෙම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහානායක මාහිමිපාණන් වහන්සේලාගේ විරෝධය දක්වමින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරන ලද බවට මල්වතු පාර්ශ්වයේ මහානායක මාහිමිපාණන් වහන්සේ විසින් දැනුම් දුන් බවයි.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වා දෙන බවට ජනතාවට පොරොන්දු වී,හදිසියේ ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකිරීමට ආණ්ඩුව දරන උත්සාහය දිනන දකුණ සාමූහිකය දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකින්නෙමු.
ලොව පුරා විනිසුරුවරුන් නියෝජනය කරන ලෝකයේ පැරණිතම සහ විශාලතම ජාත්‍යන්තර සංවිධානය වන ජාත්‍යන්තර විනිසුරු සංගමය සිය කනස්සල්ල පළ කරමින් මේ වන විට නිවේදනයක් නිකුත් කර ඇත.
අධිකරණයේ ස්වාධීනත්වය අඩපණ වන බැවින් යෝජිත නීති සම්පාදනය නැවත සලකා බලන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ගෞරාන්විතව ඉල්ලා සිටින බව ජාත්‍යන්තර විනිසුරු සංගමයද පවසා ඇත.
මෙම සියලු තත්වයන් සැළකිල්ලට ගැනීමේදී විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් වූ ව්‍යවස්ථා සංශෝධනයට පාර්ශ්ව රැසකින් එල්ල වී ඇති දැඩි විරෝධය කෙරෙහි ජනාධිපතිවරයාගේ කඩිනම් අවධානය යොමුකරන ලෙස අප සාමූහිකය අවධාරණය කරන්නෙමු.
දිනන දකුණ සාමූහිකය වෙනුවෙන්,
නායකත්ව මණ්ඩලය සහ විධායක සභාව.



