Homeදේශීයවිපක්ෂය මීගමුවේ සිද්ධිය ගැන හදිසි විවාදයක් ඉල්ලයි.

විපක්ෂය මීගමුවේ සිද්ධිය ගැන හදිසි විවාදයක් ඉල්ලයි.

මීගමුව බන්ධනාගාරය තුළ හට ගත් ගැටුම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අවධානය යොමු කිරීම සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් හදිසි කල්තැබීමේ විවාදයක් ඉල්ලමින් කථානායකවරයා වෙත දැන් ලිපියක් බාර දී ඇත.

ඒ සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 30 දෙනෙකු විසින් අත්සන් තබා ඇත.

ජුලි මස 5 සහ 6 යන දෙදින තුළ මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ ගැටුම්වලින් 26 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී 100කට අධික ප්‍රමාණයක් තුවාල සිදුවු බවත් එම මරණ සහ තුවාල පිළිබඳ සම්පූර්ණ වගකීම ආණ්ඩුව මත පැටවෙන බව ද අදාළ ලිපිය මඟින් පෙන්වා දී තිබේ.

ඒ අනුව මෙම කරුණේ ඇති බරපතළකම හා හදිසි ස්වභාවය සලකා මෙලෙස හදිසි කල්තැබීමේ විවාදයක් ලබාදෙන ලෙස විපක්ෂයේ මන්ත්‍රීවරු කථානායකවරයාගෙන් ඉල්ලීම් කර ඇත.

මීගමුව බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීමට මේ වනවිට ආරක්ෂක නිලධාරීන්ට හැකිවී ඇති නමුත් කාන්තා රැඳවියන් තවදුරටත් විරෝධතාවයේ නිරත වී සිටී.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments