ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නිතිඥ රජීව් අමරසූරිය මීගමුව බන්ධනාගාරයේ ඇති වූ සිද්ධිය පිළිබඳව සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබෙනවා.
මීගමුවේ සිද්ධිය සම්බන්ධයෙන් සංස්කරණය නොකළ ඡායාරූප හා වීඩියෝ දර්ශන ඉතා කම්පනකාරීය.
අප අමතක නොකළ යුත්තේ, සිරකරුවන්ටද මූලික අයිතිවාසිකම් ඇති බවත්,නීතිය අනුව සෑම සැකකරුවෙකුම වරදකරු බව අධිකරණයකින් තීරණය කරන තුරු නිර්දෝෂී පුද්ගලයෙකු ලෙස සැලකෙන බවත්ය.
මේ සමගම, සංඛ්‍යාලේඛනවලින්ද පෙනී යන්නේ සැකකරුවන් විශාල සංඛ්‍යාවක් අවසානයේ නිදොස් කොට නිදහස් කිරීම හෝ නඩුවලින් මුදා හැරීම සිදුවන බවයි.
මීගමුවේ සිදුවූ මෙම සිද්ධියට හේතුව ස්වාධීනව විමර්ශනය කළ යුතු අතර, ඊට වගකිව යුතු පාර්ශ්වයන් වගවීමටද ලක් කළ යුතුය. එසේම, බන්ධනාගාරවල ධාරිතාවට වඩා තුන් හෝ හතර ගුණයකින් සිරකරුවන් රඳවා තැබීම මගින්, එය සිරකරුවන්ට කෲර, අමානුෂික හා අවමන් සහගත සැලකීමක් බවටද පත්වේ.



