Homeදේශීයතේ පිච්චෙයි.

තේ පිච්චෙයි.

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම විදේශ විනිමය උපයන්නෙකු වන තේ කර්මාන්තය, මැදපෙරදිග කලාපීය දේශපාලන අර්බුදය, දේශීය නිෂ්පාදන පිරිවැය අධික ලෙස ඉහළ යාම සහ පවතින බදු ප්‍රතිපත්තිමය බාධාවන් හේතුවෙන් දශකයකට පසු මුහුණ දෙන දරුණුතම කඩාවැටීමට ලක්වෙමින් පවතී.

වසරේ වාර්ෂික නිෂ්පාදන ඉලක්කය කිලෝග්‍රෑම් මිලියන 290-300ත් අතර මට්ටමක පවත්වා ගැනීමට වතු සමාගම් උත්සාහ කළ ද, 2026 පළමු භාගයේ දත්ත මඟින් සමස්ත සැපයුම් දාමයේම පවතින බරපතළ කඩාවැටීමක් පෙන්නුම් කරයි.

අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) නිල දත්තවලට අනුව, පළමු කාර්තුවේ ජාතික තේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 59.61ක් දක්වා, එනම් කිලෝග්‍රෑම් මිලියන 2.55කින් පහත වැටී ඇත. අපනයන පරිමාව ද පසුගිය වසරට සාපේක්ෂව කිලෝග්‍රෑම් මිලියන 2.85ක පසුබැසීමක් පෙන්වයි.

බටහිර ආසියාවේ හටගෙන ඇති යුදමය නොසන්සුන්තාව හේතුවෙන් මුහුදු ප්‍රවාහන ගාස්තු සහ රක්ෂණ ගාස්තු (Marine Insurance Premiums) ඉහළ යාම නිසා ලංකාවේ විශාලතම තේ ගැනුම්කරුවා වූ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට (UAE) කළ අපනයන අසාමාන්‍ය ලෙස 93% කින් කඩාවැටී ඇත. ඉරාකයට කළ අපනයන ද 38% කින් පහත වැටී තිබේ.

කෙසේ වෙතත්, ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ හුදු වෙළෙඳපොළ ප්‍රවර්ධන කටයුතු (Marketing) මඟින් පමණක් අඩුවන නිෂ්පාදනය සහ ඉහළ යන පිරිවැය පියවා ගත නොහැකි බවයි. බදු ලිහිල් කිරීම, නියාමන රාමුව නවීකරණය කිරීම සහ ප්‍රවාහන බාධා ඉවත් කිරීමට රජය වහාම ප්‍රතිපත්තිමය මැදිහත්වීමක් නොකළහොත්, ශ්‍රී ලංකාව සතු ගෝලීය තේ වෙළෙඳපොළ කොටස කෙන්යාව වැනි ප්‍රතිදේහී තේ නිෂ්පාදනය කරන රටවල් සතු වීම වැළැක්විය නොහැක.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments