Homeදේශීයලිට්‍රෝ, ලාෆ්ස් දෙකම දැනෙන්න බස්සයි

ලිට්‍රෝ, ලාෆ්ස් දෙකම දැනෙන්න බස්සයි

3වනදා මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ලිට්‍රෝ ගෑස් මිල පහළ දමන බව එම සමාගම නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව,

කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු. 300කින් පහළ දමා ඇති අතර, එහි නව මිල රු. 4,465ක් ලෙසත්,

කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රු. 118කින් පහළ දමා ඇති අතර, එහි නව මිල රු. 1,792ක් ලෙසත්,

කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 55කින් ඉහළ නැංවෙන අතර, එහි නව මිල රුපියල් 835ක් ලෙසත් පහළ ගොස් තිබෙනවා.

මේ අතර ලාෆ්ස් ගෑස් මිලද පහළ දමා තිබෙනවා.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,280කින් පහළ දමා ඇති අතර, එහි නව මිල රු. 4,965ක් ලෙසත්,

කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 512කින් අඩුකර ඇති අතර, එහි නව මිල රු. 1,988 ලෙසත් පහළ දමා තිබෙනවා.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments