Homeදේශීයආණ්ඩුවේ එකම ප්‍රමුඛතාවය ඩෙංගු මර්දනය නෙවෙයි

ආණ්ඩුවේ එකම ප්‍රමුඛතාවය ඩෙංගු මර්දනය නෙවෙයි

රට පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඩෙංගු රෝගය මේ වන විට බරපතළ වසංගත තත්ත්වයක් (High-risk epidemic) දක්වා වර්ධනය වී ඇතත්, වත්මන් දිසානායක පරිපාලනය සෞඛ්‍ය අර්බුදය කළමනාකරණය වෙනුවට විපක්ෂය මර්දනය කිරීමේ දේශපාලන න්‍යාය පත්‍රයක නිරත වන බවට ඒකාබද්ධ විපක්ෂය චෝදනා කරයි.

කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවක් අමතමින් හිටපු සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න පෙන්වා දුන්නේ නිල සංඛ්‍යාලේඛනවලට අනුව ඩෙංගු රෝගීන් 58,000ක් සහ මරණ 32ක් වාර්තා වී තිබුණ ද, සැබෑ බිම් මට්ටමේ තත්ත්වය මීට වඩා බෙහෙවින්ම දරුණු බවයි.

එදා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මාසිකව මූලාසනය දැරූ ජනාධිපති විශේෂ කාර්ය සාධක බලකාය හරහා මුළු රාජ්‍ය පද්ධතියම එකම අරමුණකට මෙහෙයවා මාස 4කින් වසංගතය නිම කළ ද, වත්මන් ආණ්ඩුව ළඟ එවැනි කිසිදු කළමනාකරණයක් නැති බව විපක්ෂය චෝදනා කරයි.

වත්මන් ආණ්ඩුවේ එකම ප්‍රමුඛතාවය ඩෙංගු මර්දනය හෝ ආර්ථික අර්බුදයෙන් මිනිසුන් බේරාගැනීම නොව, විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් හිරේ දැමීම සහ මර්දනය කිරීම පමණක් බව සේනාරත්න අවධාරණය කළේය.

මිනිසුන් සාගතයට සහ වසංගතයට ගොදුරු වෙද්දී ප්‍රශ්න කිරීමට විපක්ෂයක් ඉතිරි නොකිරීමේ උපායමාර්ගයක ආණ්ඩුව නිරතව සිටින බැවින්, වහාම අවදි වී ජනාධිපතිවරයා සහ සෞඛ්‍ය අමාත්‍යවරයා පූර්ණ කාලීනව සෞඛ්‍ය මෙහෙයුම්වලට මැදිහත් විය යුතු බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments