වයස අවුරුදු 16ට අඩු සිසුන්ගේ සමාජ මාධ්‍ය භාවිතය සීමා කිරීමට අදාළ යෝජනා ඇතුළත් “සමාජ මාධ්‍ය අවම වයස් පනත් කෙටුම්පත” පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාෆා විසින් පාර්ලිමේන්තු මහලේකම්වරිය වෙත නිල වශයෙන් භාර දී තිබෙනවා.
මෙම පනත් කෙටුම්පතට අනුව, වයස අවුරුදු 16ට අඩු සිසුන්ගේ සමාජ මාධ්‍ය පරිශීලනය කිරීම වැළැක්වීම සඳහා අන්තර්ජාල සේවා සපයන්නන් සහ සමාජ මාධ්‍ය වේදිකාවන් වෙත නියෝග පැනවීමට අදාළ රෙගුලාසි සැකසීමේ බලය විෂය භාර අමාත්‍යවරයාට හිමිවෙනවා.



