Homeදේශීයවිපක්ෂය හදිසි විවාදයක් ඉල්ලයි.

විපක්ෂය හදිසි විවාදයක් ඉල්ලයි.

අධිකරණය ක්ෂේත්‍රයේ පැන නැඟී ඇති ව්‍යූහාත්මක ප්‍රශ්න සඳහා විසඳුම් වහාම සම්පාදනය කිරීම සඳහා පාර්ලිමේන්තුව මැදිහත් විය යුතු බව පෙන්වා දෙමින් ඒ පිළිබඳව හදිසි පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලමින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් අත්සන් කරන ලද ලිපියක් අද පාර්ලිමේන්තුවේදී කථානායකතුමා වෙත භාරදෙනු ලැබීය.

එම ඉල්ලීම පහත පරිදි වේ.

ස්ථාවර නියෝග 19(1) යටතේ හදිසි පොදු වැදගත්කමකින් යුක්ත කාරණයක් සාකච්ඡා කිරීම සඳහා කල්තැබීමේ යෝජනාවක් ඉල්ලීම.

වර්තමානයේ යුක්තිය පසිඳලන ආයතනවල පවතින පුරප්පාඩු හේතුවෙන් එම ආයතනවල කාර්යයන් කාර්යක්ෂමව, ස්වාධීනව හා විධිමත්ව ඉටු කිරීම සම්බන්ධයෙන් බරපතළ ප්‍රායෝගික ගැටලු මතු වී ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස නඩු ගොඩගැසීම හා නඩු විභාග ප්‍රමාද වීම වැඩි වී ඇති අතර, ජනතාවට සාධාරණය හා යුක්තිය නියමිත කාලය තුළ ඉටු නොවීම සැලකිය යුතු අර්බුදයක් බවට පත්ව ඇත. මෙම තත්ත්වය යුක්තිය පසිඳලීමේ පද්ධතිය කෙරෙහි මහජන විශ්වාසයට ද අහිතකර ලෙස බලපාන අතර, එය ක්‍රමයෙන් බරපතළ සමාජීය ගැටලුවක් දක්වා වර්ධනය වෙමින් පවතී.

එබැවින්, මෙය ඉතා හදිසි සහ ප්‍රමුඛ කාර්යයක් ලෙස සලකා යුක්තිය පසිඳලන ආයතනවල පවතින පුරප්පාඩු, නඩු ප්‍රමාදය සහ ඒවාට හේතු වී ඇති ව්‍යුහාත්මක හා පරිපාලනමය ගැටලු පිළිබඳ පාර්ලිමේන්තුවේ කථිකාවතක් පවත්වා, එම ගැටලු සඳහා කඩිනම් හා ඵලදායී විසඳුම් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගැනීම යෝජනා කරමු.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments