Homeදේශීයසාමාන්‍ය පෙළ ප්‍රතිඵල වල මට්ටම මෙන්න

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල වල මට්ටම මෙන්න

පසුගිය පෙබරවාරි මාසයේ පැවැති 2025 අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරුණු අතර, ඉන් අපේක්ෂකයන් 225,748 දෙනෙකු උසස් පෙළ හැදෑරීම සඳහා සුදුසුකම් ලබා ඇති බව නව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළාය.

මෙවර සමස්ත ප්‍රතිඵල ලේඛනය දෙස බැලීමේදී කැපී පෙනෙන ජයග්‍රහණ මෙන්ම අධ්‍යාපන පද්ධතියේ බරපතළ කඩාවැටීම් ද එකලෙස දැකගත හැකිය.

ප්‍රතිඵල විශ්ලේෂණයට අනුව, මෙවර විභාගයට පෙනී සිටි අපේක්ෂකයන්ගෙන් 11,790 දෙනෙකු විෂයන් 9ටම ‘A’ සාමාර්ථ ලබා ගනිමින් විශිෂ්ට දක්ෂතා දක්වා ඇත.

නමුත් එසේ විශිෂ්ටයන් බිහිවන අතරතුරම, විභාගයට පෙනී සිටි අපේක්ෂකයන්ගෙන් 7,419 දෙනෙකු පෙනී සිටි සියලුම විෂයන් අසමත් වී (සියලු විෂයන් ‘F’) බිංදුවේ සීමාවට ඇද වැටී තිබීම ජාතික මට්ටමින් අවධානය යොමු විය යුතු ඛේදවාචකයකි.

පසුගිය වසරට සාපේක්ෂව මෙවර විද්‍යාව සහ ගණිතය යන මූලික විෂයන් දෙකෙහිම සමත් ප්‍රතිශතයන් සුළු අගයකින් ඉහළ ගොස් ඇත.

විද්‍යාව විෂය:
මෙවර සමත් ප්‍රතිශතය 70.1%කි. (පසුගිය වසරේ 69.07%කි)

ගණිතය විෂය:
මෙවර සමත් ප්‍රතිශතය 72.03%කි. (පසුගිය වසරේ 71.06%කි)

පළාත් මට්ටමින් උසස් පෙළ සුදුසුකම් ලැබීමේ ප්‍රතිශත දෙස බැලීමේදී දකුණු පළාත ප්‍රමුඛස්ථානය ගෙන ඇති අතර, උතුරු මැද පළාත අවම සාධන මට්ටමක් වාර්තා කර ඇත. බස්නාහිර සහ නැගෙනහිර පළාත් දෙකම එකම ප්‍රතිශතයක් සටහන් කිරීම විශේෂත්වයකි.

දකුණ: 75.56%
බස්නාහිර / නැගෙනහිර: 74.42%
සබරගමුව: 74.31%
මධ්‍යම: 73.98%
ඌව: 71.34%
වයඹ: 70.69%
උතුර: 70.00%
උතුරු මැද: 68.39%

ලබන වසරට අදාළ අපොස සාමාන්‍ය පෙළ විභාගය කාලසටහනට අනුව මෙම වසරේම දෙසැම්බර් මස 8 වනදා සිට 17 වනදා දක්වා පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු සූදානම් කර ඇත. ඊට අදාළ විභාග අයදුම්පත් කැඳවීම ලබන ජූලි මස පළමු සතියේදී ආරම්භ වීමට නියමිතය.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments