තෙලිප්පලෙයි ප්‍රාදේශීය සංවර්ධන කමිටුව රැස්වූ අවස්ථාවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුව තිබෙනවා.
මෙම කමිටුව ජාතික ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්රීභවානන්දරාජාගේ ප්‍රධානත්වයෙන් රැස්වුණා.
තෙලිප්පලෙයි රෝහලේ පිළිකා ප්‍රතිකාර අංශය සහ රෝහල මධ්‍යම රජය යටතට පවරාගෙන එය සංවර්ධනය කර ජනතාවට සේවා සැපයීම පිළිබඳව එහිදී සාකච්ඡා කර තිබෙනවා.
මීට අමතරව, තායිට්ටි විහාරය, ප්‍රවාහන කටයුතු සහ ඉඩම් නිදහස් කිරීම ඇතුළු කරුණු රැසක් පිළිබඳවද මෙහිදී සාකච්ඡා කර ඇති බව සඳහන්.
මෙම සාකච්ඡාවේදී තෙලිප්පලෙයි රෝහල සම්බන්ධයෙනුයි මන්ත්‍රීවරුන් දෙපල අතර දැඩි උණුසුම් වචන හුවමාරුවක් සිදුව ඇත්තේ.
එහිදී මන්ත්‍රී රාමනාදන් අර්චුනා විසින් “උස්සලා ගහනවා” යන වචනය භාවිත කිරීම හේතුවෙන් මේ වන විට විවිධ විවේචන එල්ල වෙමින් පවතින බව සඳහන්.



