Homeදේශීයඅද සිට ඩෙංගු මර්දන සතියක්.

අද සිට ඩෙංගු මර්දන සතියක්.

මේ වන විට දැඩි අවදානම් තත්ත්වයකට පත්ව ඇති ඩෙංගු රෝගය මර්දනය කිරීම සඳහා අද සිට ඩෙංගු මර්දන සතියක් ප්‍රකාශයට පත් කර තිබේ.

එය එළැඹෙන 20 වනදා දක්වා ක්‍රියාත්මක වේ.

ඒ අනුව අද සිට 17 වනදා දක්වා නගර, කානු පද්ධති වෙළද සංකීර්ණ, ආගමික ස්ථාන සහ බස් නැවතුම්පළ ඇතුළු පොදු ස්ථාන පිරිසිදු කිරීමට නියමිතව තිබේ.

එමෙන්ම 18 වනදා පාසල් පෙර පාසල් සහ පෞද්ගලික උපකාරක පන්ති ඇතුළු සියලුම අධ්‍යාපනික ආයතන සහ ඒ අවට පරිශ්‍රයන් පිරිසිදු කිරීමට සැලසුම් කර ඇත.

සියලුම රාජ්‍ය සහ පෞද්ගලික ආයතන සහ කර්මාන්ත ශාලා පරිශ්‍ර පිරිසිදු කිරීම 19 වනදා නම් කර ඇති අතර පෞද්ගලික නිවාස සහ නිවාස අවට පරිශ්‍රයන් පිරිසිදු කිරීම 20 වනදා සිදු කිරීමට නියමිතය.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments