නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරිය ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විවේචනය කිරීම සම්බන්ධයෙන් දිනන දකුණ සාමූහිකය
මාධ්‍ය ප්‍රකාශයක් සිදුකර ඇත.
එම ප්‍රකාශය පහත දැක්වේ.
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරිය ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විවේචනය කරමින් පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ සිදුකොට ඇති වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය තරයේ හෙළා දකී. !
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මහජන මන්ත්‍රීවරිය විසින් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය කරමින් සහ එම ආයතනයේ විශ්වාසනීයත්වය පළුදු වන අයුරින් සිදුකර ඇති ප්‍රකාශය කෙරෙහි දිනන දකුණ සාමූහිකය වෙනුවෙන් අපගේ බලවත් කනගාටුව සහ විරෝධය මෙසේ පළකර සිටිමු.
රටක අනාගතය භාර ගැනීමට සිටින දරු පරපුරේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින ප්‍රධානතම රාජ්‍ය ආයතනයක් ඉලක්ක කර ගනිමින්, වගකිවයුතු මහජන නියෝජිතවරියක විසින් මෙවැනි පදනම් විරහිත විවේචන එල්ල කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බව අප සාමුහිකය කියා සිටී.
මෙම ප්‍රකාශයේ බරපතලභාවය සම්බන්ධයෙන් අප සාමූහිකයේ ස්ථාවරය කරුණු කිහිපයක් ඔස්සේ රටට අනාවරණය කරන්නෙමු.
මහජන මන්ත්‍රීවරියගේ මෙම විවේචනය තුළින් රටේ නීතිය බලගැන්වීමේ ආයතනයක් වන ළමාරක්ෂක අධිකාරියේ ආයතනික ප්‍රතිරූපයට මෙන්ම එම අධිකාරියේ සභාපතිවරිය සහ නීතිය බලගැන්වීමේ නිලධාරිනියගේ පරිචය හා කාර්යපටිපාටික බලය අභියෝග කිරීම මගින් එම මන්ත්‍රීවරිය හා ඇය නියෝජනය කරන මාලිමා දේශපාලනයේ ගර්හිත බව සනාථ කරනු ලබන්නේය.
ශ්‍රී ලංකාවේ ළමුන්ගේ අයිතිවාසිකම් සුරැකීම සහ ඔවුන්ට සිදුවන අපරාධ වැළැක්වීම උදෙසා කැපවී ක්‍රියා කරන ජාතික ළමාරක්ෂක අධිකාරිය වැනි ආයතනයක ආයතනික අධිෂ්ඨානය සිද බිඳ දැමීමට ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරිය උත්සාහ දරා තිබේ.
මෙවැනි විවේචන මඟින් අගතියට පත් දරුවන්ට සහ ඔවුන්ගේ දෙමාපියන්ට රාජ්‍ය යාන්ත්‍රණය කෙරෙහි ඇති විශ්වාසය බිඳ දමා තිබෙන අතර එමගින් පෙන්වා ඇත්තේ නීතියේ විධානය රට තුළ ක්‍රියාත්මක කිරීම සඳහා නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීමට රටට පොරොන්දුවු දේශපාලනය පිටුපස පවතින දේශපාලන ගර්හිත භාවයයි.
ලක්මාලි මන්ත්‍රීවරිය විසින් දේශපාලන වාසි තකා කරුණු විකෘති කිරීමක් සිදු කොට ඇති බවට සමාජ මාධ්‍යට එරෙහිව සිදු කරන චෝදනාව අප විශ්මයට පත්කොට තිබෙ.
මන්ත්‍රී වරිය විසින් බීබීසී සිංහල සේවය වැනි ජාත්‍යන්තර මාධ්‍ය ජාලයන් පවා භාවිත කරමින් තම ප්‍රකාශයට අනවශ්‍ය ප්‍රසිද්ධියක් ලබා දීමට උත්සාහ කර ඇත්තේ, ළමා ආරක්ෂණය පිළිබඳ සැබෑ කැක්කුමකින් නොව පටු දේශපාලන වාසි ලබාගැනීමේ චේතනාවෙන් බවට සිදු කරන ප්‍රකාශය මෙරට දශක ගණනාවක් තිස්සේ පුරවැසියන් භුක්ති විදින භාෂණයේ හා අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට එල්ල කරනු ලබන මරු පහරකි.
අවාසනාවකට මෙම හැසිරීම තුළින් ලක්මාලී මන්ත්‍රීවරිය නීතිඥවරියක් ලෙස පවත්වා ගත යුතුව තිබෙන ඇයගේ වෘත්තීමය පරිචයද පහළට ගෙන ගොස් තිබේ. නීතිඥවරියක් සැමවිටම සාක්ෂි සහ කරුණු මත පදනම්ව කතා කළ යුතු වුවද, මෙම ප්‍රකාශයේදී ඇය ළමාරක්ෂක අධිකාරිය මුහුණ දෙන ප්‍රායෝගික අභියෝග හෝ ඔවුන් ඉටුකර ඇති සුවිශාල කාර්යභාරය සම්පූර්ණයෙන්ම අමතක කර දමා ඇත.
ඒ අනුව අප ලක්මාලී හේමචන්ද්‍ර මන්ත්‍රී වරියගේ ප්‍රකාශය කරුණු විමසීමකින් තොරව සිදුකළ අදේශපාලනික හා ගර්හිත ප්‍රකාශයක් බව කියා සිටී.
අවසානයේදී මෙම මන්ත්‍රීවරියගේ ප්‍රකාශය මගින් සිදුවෙන බවක් පෙනෙන්ට ඇත්තේ ජාතික ළමාරක්ෂක අධිකාරිය ඉදිරියේදී මෙම ළමා අපචාරයට අදාළව අක්‍රියභාවයට පත්වීමකි.
එම නිසා අප සාමුහිකය දැඩි ලෙස අවධාරණය කොට සිටින්නේ;
මහජන ඡන්දයෙන් පත්වූ නියෝජිතයන්ගේ වගකීම විය යුත්තේ අඩුපාඩු පවතින්නේ නම් ඒවා නිවැරදි කිරීමට ව්‍යවස්ථාදායකය තුළින් සහය වීම මිස, රාජ්‍ය ආයතන පොදු ජනතාව ඉදිරියේ හෑල්ලුවට ලක් කිරීම නොවන බවය.
එබැවින්, ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරිය විසින් සිදුකරන ලද මෙම අදූරදර්ශී සහ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය ලෙස අප තරයේ හෙළා දකිමු. ඉදිරියේදී මෙවැනි පදනම් විරහිත චෝදනා එල්ල කිරීමෙන් වළකින ලෙසත්, දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් දේශපාලන භේදයකින් තොරව කටයුතු කරන ලෙසත් ඇයට සිහිපත් කර සිටිමු.
මෙම ළමා අපචාර සිදුවීම පිළිබඳව රටේ නීතිය ක්‍රියාත්මක වූ ආකාරය සම්බන්ධයෙන් මේ වන විටත් දිනන දකුණ සාමූහිකය සිය නිල ස්ථාවරය සමාජගත කොට තිබේ. එම නිවේදනය තුළ අවධාරණය කරන ලද කරුණු නැවත වතාවක් මෙම අවස්ථාවේදීද අප දැඩිව අවධාරණය කර සිටිමු.
දිනන දකුණ සාමූහිකය වෙනුවෙන්,
නායකත්ව මණ්ඩලය සහ විධායක සභාව.



