Homeදේශීයඩොලර් මිලියන 2.5ක මුදලක් අතුරුදන් වීමේ සිද්ධියට මහ බැංකුවත් වගකියන්න ඕනෑ

ඩොලර් මිලියන 2.5ක මුදලක් අතුරුදන් වීමේ සිද්ධියට මහ බැංකුවත් වගකියන්න ඕනෑ

රජයේ භාණ්ඩාගාරයට අයත් ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව ද වගකීම දැරිය යුතු බවට මහා භාණ්ඩාගාරය සකස් කළ වාර්තාවක දක්වා ඇතැයි රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ප්‍රකාශ කරයි.

මෙම වාර්තාවේ අඩංගු සොයාගැනීම් සම්බන්ධයෙන් මහ බැංකුවේ ස්ථාවරය සහ නිල පැහැදිලි කිරීම ඉදිරිපත් කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවට සතියක කාලයක් ලබා දී ඇති බවද මන්ත්‍රීවරයා සඳහන් කරයි.

භාණ්ඩාගාර අරමුදල් අතුරුදන් වීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා රැස් වූ රජයේ මුදල් පිළිබඳ කාරක සභා රැස්වීමේදී මෙම කරුණු අනාවරණය වී තිබේ.

මෙම සාකච්ඡාව සඳහා මහාභාණ්ඩාගාරයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම සහ ශ්‍රී ලංකා මහබැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ඇතුළු උසස් නිලධාරීන් පිරිසක් කාරක සභාව හමුවට කැඳවා තිබිණි.

එහිදී කාරක සභාව විසින් මෙම සිදුවීම සම්බන්ධයෙන් භාණ්ඩාගාරය සකස් කළ වාර්තාව දීර්ඝ වශයෙන් සමාලෝචනය කළ බවත්, මේ පිළිබඳව මහබැංකුවේ මැදිහත්වීම සහ භූමිකාව සම්බන්ධයෙන් ඔවුන්ගෙන් වැඩිදුර පැහැදිලි කිරීම් ඉල්ලා සිටි බවත් ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments