Homeදේශීයසලේ ජාතික රෝහලේ

සලේ ජාතික රෝහලේ

රැඳවුම් නියෝග මත රඳවා සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඔහුව රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය වෙත ඇතුළත් කර ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් ඒ මහතා, මේ දක්වා පසුවුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ වන අතර එහිදී තමාට අමානුෂික වදහිංසා සිදුකරන බවට පවසමින් ඒ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළම ආහාර වර්ජනය කරමින් උපවාසයක් ආරම්භ කර තිබුණා.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments