Homeදේශීයශ්‍රී පාද වන්දනා වාරය අවසන්.

ශ්‍රී පාද වන්දනා වාරය අවසන්.

2025-2026 ශ්‍රී පාද වන්දනා වාරය අවසන් වීමෙන් පසු ශ්‍රී පාද උඩ මළුවේ තැන්පත් කර තිබූ සධාතුක කරඬුව, සමන් දේව ප්‍රතිමාව සහ පූජා භාණ්ඩවලින් කොටසක් පැල්මඩුල්ල ගල්පොත්තාවල රජමහා විහාරස්ථානය දක්වා වැඩම කරවීම සිදුවිය.

එම පෙරහැර රත්නපුර පලාබද්දල මාර්ගයේ රජ මාවත ඔස්සේ වැඩම කෙරුණු අතර දහවල් ශ්‍රීපාද උඩ මළුවේ බුද්ධ පූජාව පැවැත්වීමෙන් අනතුරුව මෙවැනිම පෙරහැරක් නල්ලතන්නිය බෞද්ධ මධ්‍යස්ථානය දක්වා වැඩම කර එතැන් සිට හැටන් නල්ලතන්නිය, කිතුල්ගල අවිස්සාවේල්ල රත්නපුර මාර්ගය ඔස්සේත්, තවත් පෙරහැරක් බගවන්තලාව බලන්ගොඩ මාර්ගය ඔස්සේත් පෙරහැරවල් දෙකක් වශයෙන් පැල්මඩුල්ල ගල්පොත්තාවල රජමහා විහාරස්ථානය දක්වා වැඩම කරවන බව ශ්‍රි පාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති, සබරගමු රත්නපුර මහ දිසාවේ ප්‍රධාන සංඝ නායක, පැල්මඩුලු දාගැබ් රජමහා විහාරාධිශ්වර, ධර්ම කිර්ති ශ්‍රි ත්‍රිපිටකාචාර්ය, ශ්‍රි සුමංගල රතනපාල ධම්මරක්ඛිතාභිධාන, ආචාර්ය බෙන්ගමුවේ ශ්‍රි ධම්මදින්න නාහිමියන් පැවසීය.

සමන්දේව ප්‍රතිමාව සහ පූජා භාණ්ඩ නල්ලතන්නිය බෞද්ධ මධ්‍යස්ථානය දක්වා වැඩම කළ අවස්ථාවේ සමන්දේව ප්‍රතිමාවට සහ සධාතුක කරඩුව වැදපුදා ගැනීමට රාජ්‍ය නිලදාරින් මෙන්ම ප්‍රදේශවාසීන් විශාල පිරිසක් පැමිණ සිටියහ.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments