Homeදේශීයධර්ම සංගායනාව සහ ධර්මාධිකරණය චන්ද්‍රිකා සහ අනුරගේ යෝජනා

ධර්ම සංගායනාව සහ ධර්මාධිකරණය චන්ද්‍රිකා සහ අනුරගේ යෝජනා

බුදු සසුන සම්බන්ධයෙන් පැන නැගී ඇති අර්බුදය වෙනුවෙන් සාධනීයව මැදිහත්වීමේ අවශ්‍යතාව පෙන්වා දෙමින්, ඒ වෙනුවෙන් ධර්ම සංගායනාවක් හරහා බුදු සසුනේ චිරස්ථිතිය සහතික කිරීමට කටයුතු කිරීම යෝග්‍ය යැයි හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පෙන්වාදී තිබෙනවා.

ඒ, ශාසන ශෝධන වැඩපිළිවෙළක අවශ්‍යතාව අවධාරණය කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලා වෙත යොමුකළ ලිපියක් මාර්ගයෙන්.

ජනාධිපතිවරයා සඳහන් කර සිටියේ, මහානායක ස්වාමීන් වහන්සේලාගේ ඉල්ලීමට ගරු කරමින්, 1931 අංක 19 දරන විහාර හා දේවාලගම් පනත සංශෝධනය කිරීමට රජය කටයුතු කරමින් සිටින බවයි.

ඒ අනුව භික්ෂූන් වහන්සේලාගේ විනය ගැටලු සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමේ බලය සහිත ‘ධර්මාධිකරණයක්’ නැවත පිහිටුවීම සඳහා මෙම පියවර ගන්නා බව ජනාධිපතිවරයා අවධාරණය කර සිටියා.

ධර්මාධිකරණයක් පිහිටුවීම සඳහා ත්‍රෛනිකායික මහා නායක හාමුදුරුවන් වහන්සේගේ නියෝජනයත්, නීතිපතිතුමත් සහ රජයේ පාර්ශවේ නියෝජනයත් ඇතිව පැවැත් වූ සාකච්ඡාවකින් අනතුරුව අවසන් එකඟතාවයකට පැමිණ ඇති බවත් ඒ අනුව, ඉතා ඉක්මනින් සංඝ සංස්ථාව විනයධරව පවත්වාගෙන යාම සඳහා අවශ්‍යවන නීති සම්පාදනය කර දීමට අවශ්‍ය කටයුතු සිදුකරන බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments