Homeදේශීයපළාත් සභා ගැන ඇත්ත කියන්නේ ටිල්වින්ද? ක්‍රිශාන්තද?

පළාත් සභා ගැන ඇත්ත කියන්නේ ටිල්වින්ද? ක්‍රිශාන්තද?

මේ වසරේදී පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නොහැකි වනු ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසනවා.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ,යාපනය දිස්ත්‍රික්කයේ ජාතික ජනබලවේග නව සම්බන්ධීකරණ කාර්යාලයක් විවෘත කිරීමෙන් අනතුරුවයි.

පහුගිය අයවැයෙන් මැතිවරණ සඳහා මුදල් වෙන් කළා පළාත් සභා ඡන්දය තියන්න අරමුණු කරගෙන. එහෙම තියෙද්දී තමයි දිට්වා කුණාටුව ආවේ. අපිට සිදුවුණ වුණා, අයවැයට වෙන් කරපු සල්ලි තියෙද්දී, රුපියල් බිලියන 500ක් ඒ කියන්නේ, කෝටි 5000ක් දිට්වා වෙනුවෙන් වෙන් කරන්න වුණා. ඒ නිසා මේ අවුරුද්දේ අපිට ඡන්ද කරන්න වෙන්නේ නෑ.

මේ වසර ඇතුළත පළාත් සභා මැතිවරණය අනිවාර්යයෙන්ම පවත්වන බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ මහනුවර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.

කෙසේ වෙතත් පළාත් සභා මැතිවරණය පවත්වනු ලබන්නේ මෙම වසරේ කුමන කාලසීමාවක ද යන්න සම්බන්ධයෙන් ප්‍රකාශ කළ නොහැකි බවයි අමාත්‍යවරයා අවධාරණය කළේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ,

“පළාත් සභා ඡන්දය තියෙනවා. කවුද කියන්නේ ප්‍රමාද කරනවා කියලා. අපිට දිට්වා තිබ්බා.මේ අවුරුද්ද ඇතුළත පළාත් සභා ඡන්දය තියෙනවා. බය වෙන්න එපා. කොයි කාලයේද කියලා කියන්න බෑ. අමාත්‍යාංශයනේ කරන්නේ. මේ අවුරුද්ද ඇතුළත තියෙනවා කියන අදහසේ තමයි අපි ඉන්නේ.”

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments