Homeදේශීයරාජ්‍ය සංචාරයක් අතරේ ජනතාව හමුවීමට මුදල් එකතු කිරීම හරිද?

රාජ්‍ය සංචාරයක් අතරේ ජනතාව හමුවීමට මුදල් එකතු කිරීම හරිද?

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ බ්‍රිතාන්‍ය සංචාරය මුල් කරගෙන සංසරණය වන ආරාධනා පත්‍රයක්.

ප්‍රකට මාධ්‍යවේදියෙකු වන උවිඳු කුරුකුලසූරිය මහතා තම ෆේස්බුක් ගිණුමට එක් කළ සටහනක් සමඟින් මේ කතාව ලැව්ගින්නක් වගේ සමාජ මාධ්‍ය පුරා පැතිර යන්න පටන් ගත්තා. ඔහු පවසන්නේ “පවුම් 25ක් ගෙවලා හරිනි බලන්න, එයා එක්ක ෆොටෝ ගහන්න කැමති අයට ඩිනර් එකට ෆ්‍රයිඩ් රයිස්, වඩේ, රෝල්ස්, පැටිස්, කොත්තු. ආ ආප්පත් තියෙනවා කිව්වා” යනුවෙනුයි.

මොකක්ද මේ ආරාධනා පත්‍රය?

සමාජ මාධ්‍ය හරහා ප්‍රසිද්ධ වී ඇති මෙම ආරාධනා පත්‍රයට අනුව, 2026 මැයි 20 වන බදාදා දින පස්වරු 7:00 ට එක්සත් රාජධානියේ ස්ලාව් (Slough) හි පිහිටි “Crystal Grand Banqueting Hall” හිදී මෙම හමුවීම සංවිධානය කර තිබෙනවා. එහි පැහැදිලිවම සඳහන් වන්නේ එක්සත් රාජධානියේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ඇයගේ නිල සංචාරය අතරතුර හමුවීමට ආරාධනා කරන බවයි.

නමුත් ගැටලුව මතු වී තිබෙන්නේ එහි අවසානයට සඳහන් කර ඇති එක්තරා කරුණක් නිසයි.
එහි දක්වා ඇත්තේ රාත්‍රී ආහාරය සහ ශාලා පහසුකම් වෙනුවෙන් (Contribution) එක් අයෙකුගෙන් පවුම් 25 ක මුදලක් අය කරන බවයි.

රජයේ ප්‍රධානියෙකු, විශේෂයෙන්ම රටක අග්‍රාමාත්‍යවරයෙකු විදේශ රටක සංචාරය කරන විට එරට සිටින ලාංකිකයන් හමුවීම සාමාන්‍ය සම්ප්‍රදායක්. සාමාන්‍යයෙන් මෙවැනි උත්සව තානාපති කාර්යාලය හරහා සංවිධානය වන විට ඒ සඳහා සහභාගී වන්නන්ගෙන් මුදල් අය කරන්නේ නැහැ.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments